Sinhala

lankacgossip | පැනඩෝරා සාක්‍ෂි රන්ජන් සතුව.. හඬපටත් තිබේලු…


October 13, 2021 at 10:00 am | lankacgossip

පැනඩෝරා සාක්‍ෂි රන්ජන් සතුව.. හඬපටත් තිබේලු…

මෑතක දී හෙළිදරව් කරන ලද පැනඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

පැනඩෝරා හෙලිදරවුවලට අදාල චෝදනාවන් හි සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය තොරතුරු ඇති බවට රාමනායක හිටපු මන්ත්‍රීවරයා ලිපියක් ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එනිසා රාමනායක හිටපු මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම සාක්ෂි සඳහා කැඳවන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පැනඩෝරා හෙළිදරව්වට අදාළ සාක්ෂි තමන් සතුව ඇති බවත් ඒ සඳහා වන හඬ පට ද ඇති බවත් රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන් සමග ප්‍රකාශ කළ බවද වෙදාරච්චි මහතා පැවසීය.

2,112 views



Source link

Related posts

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | නුවරඑලිය සති පොලේ සියළු එලවළු කිලෝව 400 න් ඉහලට.. දෙල් ගෙඩියක් රු 200යි..

Rohan

lankacgossip | භූමිතෙල් සැපයුම සීමා කරයි.. ඉන්ධන මිල වැඩිකිරීම බැසිල් අතට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy