Sinhala

lankacgossip | ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..


October 13, 2021 at 10:40 am | lankacgossip

ගොවි ගැටළුව උග‍්‍රයි.. තව බලන්න බෑ.. පසුපෙල මන්ත‍්‍රීන් 40ක් ජනපතිට ලිපියක් දුන්නා..

ඇති වී තිබෙන පොහොර ගැටලුව ගැන සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරු හතළිහක් පමණ අත්සන් කර ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලා සිටි බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රසායනික පොහොර නැතිව කාබනික පොහොර සමග ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් අද වන විට ගොවියාට ගැටලුවක් ඇති වී තිබෙන බවත් ඔහු පැවසීය.

මේ නිසා පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට නිහඬව සිටීමට නොහැකි බවත් ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් ජනතා ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිගෙන් වෙලාවක් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

පසුපෙළ මන්ත්‍රීවරු හතලිස් දෙනකු පමණ අත්සන් කර ලිපියක් ජනාධිපති යොමු කළ බවත් පැවසූ ඔහු නමුත් එමගින් රසායනික පොහොර මෙරටට ගෙන්වීමක් අදහස් නොකරන බවද පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

128 views



Source link

Related posts

lankacgossip | ලොවටම සුබ පණිවුඩයක්.. කොරෝනා අවසානය අත ලගම.. ඇමරිකාවේ පර්යේෂණය මෙන්න…

Rohan

lankacgossip | බැසිල්ට එරෙහි ලිත් නඩුව ගෙන යනවාද නැද්ද.. තීන්දුවකට නීතිපති සූදානම්..

Rohan

lankacgossip | ‘මහින්ද-ස්ටාලින්’ රට කැළඹූ පින්තූරයේ කතාව හෙලිවෙයි.. කෝටි 85ක කතාවකුත් පැටලේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy