Sinhala

lankacgossip | ගොවින්ට රසායනික පොහොර දිය යුතුයි.. මං ගොවිබිමක මන්ත‍්‍රීවරයෙක්..


October 13, 2021 at 4:40 pm | lankacgossip

ගොවින්ට රසායනික පොහොර දිය යුතුයි.. මං ගොවිබිමක මන්ත‍්‍රීවරයෙක්..- ප‍්‍රමිත

ඇතිවී තිබෙන තත්වය හමුවේ ගොවිජනතාවට නිශ්චිත කාලසීමාවකට හෝ රසායනික පොහොර ආනයනය කර ලබාදිය යුතු බව තමන් විශ්වාස කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටී.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත් රජයටත් කරුණු ඉදිරිපත් කිරීමට ගොවිබිමක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස තමන් සූදානම් බවද ඔහු පැවසීය.

කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන් යොමු කිරීම රජය සද්භාවයෙන් ගත් තීන්දුවක් බවද කී ඔහු අද රටේත් ලෝකයේත් ඇතිවී තිබෙන තත්වය හමුවේ එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටළු ඇති වී තිබෙන බවද සඳහන් කළේය.

පොහොර ප්‍රශ්නය දඩමීමා කරගෙන ඇතැම් දේශපාලන පක්ෂ දේශපාලනය කරන බවත් අද ගොවින් වෙනුවෙන් කිඹුල් කලන කඳුළු හලන එම පිරිස එදා ගොවීන්ගේ බඩ බව භෝග විනාශ කිරීමට කටයුතු කළ බවද පැවසීය.

392 views



Source link

Related posts

lankacgossip | මං ඉල්ලා අස්වෙනවා.. ඉහල සිට පහලටම බලපෑම් කරනවා.. අලුත් කෙනාටත් වෙන්නෙ මේකමයි..

Rohan

lankacgossip | හීලෑ අලි තීරණයට විරෝධය… ඉෂිනි වික‍්‍රමසිංහ ධුරයෙන් ඉල්ලා අස්වේ…

Rohan

lankacgossip | එන්නත් කාඩ්පත නැතිව පොදු ස්ථාන තහනම්.. නමුත් සියළු එන්නත් මාස හයෙන් බල බිදෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy