Sinhala

lankacgossip | ගුරු වර්ජනය දිගටම.. ඔන්ලයින් වර්ජනය නොනවත්වයි.. ඔන්ලයින් ටියුෂන් නොනවත්නවයි.. සල්ලි නැතොත් ලින්ක් නොදේ..


October 13, 2021 at 12:00 pm | lankacgossip

ගුරු වර්ජනය දිගටම.. ඔන්ලයින් වර්ජනය නොනවත්වයි.. ඔන්ලයින් ටියුෂන් නොනවත්නවයි.. සල්ලි නැතොත් ලින්ක් නොදේ..

ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය වදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31ක සහභාගීත්වයෙන් අද පැවැති සාකච්ඡාවක දී මෙම තීන්දුව ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු අද රැස්වූ වාත්තීය සමිති විසින් මෙම තීරණය ගනු ලැබීය.

මේ අතර ඔන් ලයින් ඔස්සේ අමතර පංති පවත්වනු ලබන සමහර ගුරුවරුන් මෙම දිනවලදි අධික මුදලක් අය කිරිමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව දෙමාපියන් පවසති.

දෙමාපියන් පවසනුයේ පාසල් වසා දමා ඇති මෙම කාලයේ ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා මාර්ග හේතුවෙන් ගුරුවරුන් විසින් සිදු කරන ලද ඔන් ලයින් ඉගැන්විම් නතර කලද සමහර ගුරුවරුන් අධික මුදලක් අය කරමින් අමතර පංති පවත්වන බවත්ය.

මෙසේ අමතර පංති පවත්වන සමහර ගුරුවරුන් ශීෂ්‍යත්ව පංති හා සමන්‍ය පෙළ පංති පවත්වන බවත් එම සමහර ගුරුවරුන් ශිෂ්‍යත්වය සදහා එක් විෂයකට විවිධ මිල ගණන් අයකරන බවද ඔවුන් පවසති.

එමෙන්ම සමන්‍ය පෙල සදහා පංති පවත්වනු ලබන සමහර අමතර පංති ගුරුවරුන් නියමිත දිනට එම මුදල් ගෙවිමට නොහැකි වුවහෝත් තම දරුවන්ට අමතර ඉගැන්විම් නොකරන බවද ඔවුන් පවසති.

කොවිඩ් වසංගත තත්වයන් මත තමන්ද දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජිවත් වන බවත් එම තත්වයන් මත මෙසේ අධික මුදලක් වැය කර තම දරුවන්ට ඉගැන්විමට සිදු විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම දෙමාපියන් පවසති.

කොවිඩ් හේතුවෙන් විදුහල්ද වසා ඇති කාලය තුලදි ඔන් ලයින් ඔස්සේ තම දරුවන්ට ඉගැන්විම් කිරිමද ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියා හේතුවෙන් නවතා දැමුනද මෙකි සමහර ගුරුවරුන් මෙසේ අධික මුදලක් අය කරමින් අමතර පංති පැවැත්විම තම දරුවන්ට මෙන්ම තමන්ටද කරනු ලබන දැඩි අසාධාරනයක් බවත් එම දෙමාපියන් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා/දිනෙත් විදාන

284 views



Source link

Related posts

lankacgossip | අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති…

Rohan

lankacgossip | ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව අනුරූ ප්‍රතිමාවක් අගමැතිට…

Rohan

lankacgossip | යුගදනවි ගිවිසුම ගැන සාකච්චා කරන්න හවුල්කාර පක්‍ෂවලට ජනපති වෙලාවක් නොදෙයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy