Sinhala

lankacgossip | ඇමරිකා ලොක්කෙක් පුද්ගලික ගුවන් යානයෙන් ලංකාවට.. රහස් ගිවිසුමක් ගහන්නලු.. විරෝධතා කැදවයි..


October 13, 2021 at 9:20 am | lankacgossip

ඇමරිකා ලොක්කෙක් පුද්ගලික ගුවන් යානයෙන් ලංකාවට.. රහස් ගිවිසුමක් ගහන්නලු.. විරෝධතා කැදවයි..

ඇමරිකානු සමාගමක් සමඟ මෙරටට හානි කරන බරපතළ ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

ඇමෙරිකානු සමාගමේ ප්‍රධානියා තමන්ගේ පෞද්ගලික ගුවන් යානයකින් ගිවිසුම් අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනුම් දී ඇතැයිද ඔවුන් කියා සිටිති.

මෙසේ අත්සන් කිරීමට යන්නේ පසුගිය සැප්තැම්බර් 17 දා කැබිනට් මණ්ඩලයට නොදන්නවා අස්සන් කරන ලද ගිවිසුමේ තවත් දිගුවක් බව ද එම සන්ධානයේ ලේකම් රන්ජන් ජයලත් මහතා සඳහන් කරයි.

ඇමරිකානු නිවු ෆෝට‍්‍රස් එනජි සමාගමේ ප්‍රධාන විධායකයා එසේ ලංකාවට එන බව දැන ගන්නට ඇති බවත් ආණ්ඩුව ඒ ගැන නිශ්චිත උත්තරයක් දීමට අපොහොසත් වන්නේ නම් විදුලිබල මණ්ඩලයේ සමස්ත වෘත්තීය සමිති එක් කරගෙන දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් අරඹන බවද හෙතෙම සඳහන් කළේය.

මෙය විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොව ජාතික ආරක්ෂාවට බලපාන ගැටළුවක් බවත් ඔහු කියා සිටී.

1,698 views



Source link

Related posts

lankacgossip | කොරෝනා සුව වී ගෙදර ආ උපසභාපති මිය යයි…

Rohan

lankacgossip | කාබනික පොහොර කියා චීන කක්කුසි ලංකාවට හලන්න හදනවා.. පර්යේෂනාගාර තුනක ෆේල්

Rohan

lankacgossip | කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy