Sinhala

lankacgossip | ලංකා මුහුදු පත්තේ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක්, බොරතෙල් බැරල් බිලියන 2ක් වටිනාකම ඩොලර් බිලියන 280 ක්..


October 13, 2021 at 12:02 am | lankacgossip

ලංකා මුහුදු පත්තේ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක්, බොරතෙල් බැරල් බිලියන 2ක් වටිනාකම ඩොලර් බිලියන 280 ක්..

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගොඩගැනීම ගම්මන්පිලගේ වැඩක්, ගෝඨාභය රාජපක්ෂ රජයේ වැඩක් ලෙසින් නොව සියලු පක්ෂ එක්ව ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය .

දෙරණ 360 වැඩසටහන හා එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කර සිටියේය.

එමෙන්ම කාවේරි ද්‍රෝණිය, මන්නාරම් ද්‍රෝණිය හා ලංකා ද්‍රෝණිය යන ද්‍රෝණි තුනෙන් මන්නාරම් ද්‍රෝණිය පිළිබඳ පරිපූර්ණ දත්ත මේ වන විටත් ශ්‍රී ලංකාව සතු වන අතර එම දත්ත අනුව ගෑස් ඝන අඩි ට්‍රිලියන 9ක් සහ බොරතෙල් බැරල් බිලියන 2ක් මන්නාරම් ද්‍රෝණියේ ඇති බවත් එහි දළ වටිනාකම ඩොලර් බිලියන 280 කට ආසන්න බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය. එමෙන්ම මේ වන විට මෙම සම්පත් භාවිතයට ගෙන තිබුණා නම් තෙල් මිල ගෑස් මිල ඉහල යන විට ඒවා නිශ්පාදනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට දුක් වීමට නොව සතුටු වීමට අවස්ථාව තිබූ බව ප්‍රකාශකර සිටියේය.

ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය කිරීම සඳහා තම අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කළ අතර සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ එම්.ඒ සුමන්දිරන් මන්ත්‍රීවරුන්ගෙන් මෙම වැඩසටහන පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවත් මෙතෙක් එම අවස්ථාව නොලැබුණ ද ඉදිරියේදී ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව මුහුණපා සිටින බලශක්ති ගැටළුවට ක්ෂණික විසඳුම් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සතු තෙල් හා ගෑස් ගොඩ ගැනීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීම එයට විසදුම බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම අමාත්‍යවරයා විසින් එදින උදෑසන පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාර කරමින් පාළු ගෙවල් වල වලං බිඳින්නේ නැතුව තමා සමග රූපවාහිනි සංවාදයකට එන්න යැයි තෙල් වෘත්තීය සමිති එකමුතුවට ආරාධනා කර තිබුණි.

148 views



Source link

Related posts

lankacgossip | GR කියන්නේ ගැසට් රිවස් කියන එකයි…

Rohan

lankacgossip | හලාවත යටවෙයි.. තවත් වැස්සොත් බරපතලයි..

Rohan

lankacgossip | මා ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්න සූදානම්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy