Sinhala

lankacgossip | වර්ෂාවෙන් පසු කාපට් පාරවල්වල අලි නාවන වලවල්…


October 11, 2021 at 12:40 pm | lankacgossip

වර්ෂාවෙන් පසු කාපට් පාරවල්වල අලි නාවන වලවල්…

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශයේ පිහිටි කාපට් යොදා පිලිසකර කරන ලද මාර්ග වසර 3 ක් ගතවීමටත් පෙර දැඩි ලෙසින් අබලන් වීම හේතුවෙන් වැසි සමයේ මාර්ගයන්හි ගමන්කිරීමටද නොහැකි තත්වයක් උදාවී ඇතැයි ජනතාව පවසති.

කරච්චි, ස්කන්දපුරම් මුට්කෝමබන් ප්‍රධාන මාර්ගය පසුගිය රජය යටතේ කොන්තාත් කරුවන් විසින් කාපට් යොදා පිලිසකර කලද වසර දෙකක් ගතවීමටත් පෙර සිටම කාපට් ගැලවී ගිය අතරම පසුව වසරක් පමණ කාපට් නොමැතිව ගමනාගමනය යෙදුනද කිසිදු බලධාරියෙකු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමට පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට මාර්ගයේ ගමන්කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවටද ජනතාව පෙන්වා දෙයි.

මේ දිනවල ආරම්භ වී ඇති මෝෂම් වාර්ෂාව හේතුවෙන් මාර්ගය දැඩි ලෙසින් මඩ ගොහොරුවක් වී ඇති අතරම ඉදිරියේදී කිසිවෙකුටත මාර්ගයේ ගමනාගමනය කිරීමට නොහැකි වනු තත්වයක් උදාවන බවට ප්‍රදේශවාසීන් පවසති.

යුද සමයේදීද මෙම මාර්ගයන් බෝම්බ වැටීමෙන් ඇති වූ බෝම්බ වලවල් මෙන් වර්ථමානයේදීද දැක ගත හැකි බවටත් එහෙයින් මෙලෙසින් ගම්මානයන්හි අතුරු මාර්ගයන්ද වැසි ජලය හේතුවෙන් දැඩි ලෙසින් අබලන් තත්වයේ පැවතීම මගින් ජනජීවිතය අඩාල වී ඇත.

ගම්මානයන්හි අතුරු මාර්ග පිලිසකර කිරීමේදී ඇතැම් කොන්ත්‍රාත් කරුවන් විසින් ඉතාම අවධිමත් අයුරින් මාර්ග පිලිසකර කිරීම මෙම ගැටලුවට ප්‍රදාන හේතුව බවටත් අබලන් වූ මාර්ග කඩිනමින් පිලිසකර කරදෙන මෙන්ද ජනතාව බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

294 views



Source link

Related posts

lankacgossip | මහ කන්නයට හිඟයකින් තොරව කාබනික පොහොර… ගොවීන්ට ලබාදීමේ යාන්ත්‍රණය සකසා අවසන්….

Rohan

lankacgossip | රටේ කිසිතැනක ගෑස් සිලින්ඩරයක් පුපුරා නෑ..

Rohan

lankacgossip | ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy