Sinhala

lankacgossip | මෙරට සංචාරයකට ආ ඇමරිකානුවා කලකිරේ.. පැය පහකින් ආපසු යයි..


October 11, 2021 at 4:40 pm | lankacgossip

මෙරට සංචාරයකට ආ ඇමරිකානුවා කලකිරේ.. පැය පහකින් ආපසු යයි..

මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නැමැති ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය වල පුළුල් ලෙස ප්‍රචාරය වෙයි.

ඔහු එහි දි සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු ගිය බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණියට උපදෙස් දි ඇත්තේ මේ පිළිබද පුළුල් විමර්ෂණයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ඇමතිවරයාගේ උපදෙස් පරිදි දැනටමත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කෙරෙන බවයි.

– ප්‍රදීප් අනුර කුමාර

379 views



Source link

Related posts

lankacgossip | නිරූපමා උත්තර නොදුන් ප‍්‍රශ්නාවලිිය ICIJ හෙලි කරයි.. සිංහල පරිවර්ථනය මෙන්න…

Rohan

lankacgossip | IOC ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න..

Rohan

lankacgossip | මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy