Sinhala

lankacgossip | පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න..


October 11, 2021 at 10:02 pm | lankacgossip

පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග අද වන විට මෙරට පෙට්‍රල් ලීටරයකින් පාඩුව රුපියල් 14.56 දක්වා ඉහළ ගොස් ඇතැයි ඛනිජ නීතිගත සංස්ථාව සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

එමෙන්ම ඩීසල් ලීටරයක පාඩුව රුපියල් 31.46 බව ද ඔහු පැවසීය.

අවසන් වරට ඉන්ධන මිල ඉහළ දමද්දී ලෝකවලට පොළේ පෙට‍්‍රල් බැරලයක මිල ඩොලර් 78.8ක් බවත් අද එය ඩොලර් 92 දක්වා ඉහල නැග ඇති බවත් එදා ඩොලර් 76.7ට තිබූ ඩීසල් බැරලයක් අද ඩොලර් 92.67 දක්වා ඉහල ගොස් ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ තත්වය මත අගෝස්තු මස 31 වන දින යන විට තෙල් සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන හැත්තෑවක් බවද ඒ මහතා සඳහන් කළේය.

එනිසා මෙවන් අවස්ථාවක කළ යුතු පළමු දේ ඉන්ධන මිල ඉහළ දැමීම බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

බලශක්ති අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

1,288 views



Source link

Related posts

lankacgossip | සියළුම සහල් වර්ග කිලෝව 25-50කින් ඉහලට..

Rohan

lankacgossip | ඤාණසාර හිමිට කතෝලික රදගුරු සමුළුව විරුද්ද වේ.. බලකාය අහෝසි කරන්නැයි කියයි..

Rohan

lankacgossip | අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy