Sinhala

lankacgossip | තේ වගාවට රසායනික පොහොර ගෙන්වයි.. දෙන්නේ සලාක ක‍්‍රමයට…


October 11, 2021 at 1:20 pm | lankacgossip

තේ වගාවට රසායනික පොහොර ගෙන්වයි.. දෙන්නේ සලාක ක‍්‍රමයට…

තේ වගාව සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට රජය අවසර දී තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා මේ බව තහවුරු කරයි.

තේ වගාව කාබනික පොහොර භාවිතයට මාරු වීමට අවශ්‍ය සංක්‍රාන්ති කාලයක් සදහා මෙම අවසරය ලබාදී ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරන්නේ තේ වගාවට අවශ්‍ය රසායනික පොහොර ලබාදීම සිදුකරන්නේ බලපත්‍ර ක්‍රමයකට බවයි.

තේ කර්මය කර්මාන්තශාලා හරහා මෙම පොහොර ලබාදීමට පියවර ගන්නා බවත් පැවසූ ඔහු තේ ගොවීන්ට අවශ්‍ය පොහොර ගණනය කරමින් සිටින බව ද පැවසීය.

කෙසේ වෙතත් වෙන දා තේ වගාවන්ට යෙදූ පොහොර ප්‍රමාණය ගෙන්වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර පසට එක් කර තිබීම ඊට හේතු බවද සඳහන් කළේය.

987 views



Source link

Related posts

lankacgossip | පාරු අනතුරට කින්නියා නගර සභාපති රිමාන්ඩ්…

Rohan

lankacgossip | අතුරුදහන් තිදරු මවකගේ මල සිරුර ජල විදුලි බලාගාරයක වේල්ලක…

Rohan

lankacgossip | ප‍්‍රතික්‍ෂෙප කල පොහොර පුරවාගත් චීන නෞකාව කොළඹ වරායට ඇතුළු වේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy