Sinhala

lankacgossip | ආසනයකට අලුතෙන් සුරාසැල් 05ක්.. බලපත‍්‍රය කෝටි 07යි.. කෝටියක් ආසන සංවිධායකට.. කෝටි 05ක් පොහොට්ටුවේ ජනාධිපතිවරණයට..


October 11, 2021 at 11:20 am | lankacgossip

ආසනයකට අලුතෙන් සුරාසැල් 05ක්.. බලපත‍්‍රය කෝටි 07යි.. කෝටියක් ආසන සංවිධායකට.. කෝටි 05ක් පොහොට්ටුවේ ජනාධිපතිවරණයට..

සුපිරි වෙළඳසැල සඳහා සුරාසැල් බලපත්‍ර ලබාදීම වේගවත් කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

එම ක්‍රමය යටතේ අවම වශයෙන් එක් මැතිවරණ කොට්ඨාසයකට නව සුරාසැල් පහක් සදහා බලපත්‍ර නිකුත් කිරීමට සාකච්ඡා වෙමින් යන බව ද මන්ත්‍රීවරයා හෙළි කළේය.

තමනට දැනගන්නට ඇති ආකාරයට මෙම එක බලපත්‍රයක් ලබා දීමට යන්නේ රුපියල් කෝටි 7 ක මුදලකට බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එම කෝටි හතෙන් කෝටියක් ආසනයේ ආණ්ඩුවේ නියෝජිතයා වන ආසන සංවිධායකටත් තවත් කෝටියක් ඊට විරෝධය දක්වන පිරිස් වලටත් බෙදා දීමට සැලසුම් කර ඇති බවත් ඉතිරි කෝටි 5 පොදුජන පෙරමුණේ අනාගත ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ අරමුදලටත් ලබාගන්නා බවට ඔහු තවදුරටත් කියා සිටියේය.

87 views



Source link

Related posts

lankacgossip | පොහොට්ටු මන්ත‍්‍රීන් තුනක් විරුද්ද වෙයි.. අයවැය පරදී…

Rohan

lankacgossip | වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

Rohan

lankacgossip | ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට කියයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy