Sinhala

lankacgossip | අත්දැකීමක් නැති නායකයෙක් නිසා අද රටම විනාශ වෙලා..


October 11, 2021 at 6:21 am | lankacgossip

අත්දැකීමක් නැති නායකයෙක් නිසා අද රටම විනාශ වෙලා..

පළපුරුදුදක් අත්දැකීමක් නැති නායකයෙක් බලයට පත්වීමෙන් අද මු`ඵ රටම වීනාශ වෙලා යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක මහතා අහුන්ගල්ලේදී ප්‍රකාශ කළේය.

අහුන්ගල්ල, පොල්අතුපළාතේ කඩවර කන්ද ප්‍රදේශයේදී පැවැති කුරු`දු ගොවීයන්ගේ උද්ඝෝෂණයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.

සමගි ජන බලවේගයේ බළපිටිය ප‍්‍රධාන සංධායක නීකිඥ කමල් ජයන්ත ද සොයිසා මහතාගේ ප‍්‍රධාත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණය අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කල ඒ මහතා මෙසේද කීය.

ලංකාවේ කිසිම ආණ්ඩුවක් නොකරපු විදියේ ආකාරයට අදූරදර්ශී අමනෝඥ තීන්දු ගත් රජයක් හැටියට මේ රජය ඉතිහාසයේ ලියැවෙනවා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර ගෙන්වීම නතර කළාම වී ගොවියෝ විතරක් නොවෙයි කුරු`දු හා තේ ගොවියෝ ද ඉතා අසරණ වෙනවා. වගා කිරීමට රසායනික පොහොර ඉල්ලල රට පුරාම ගොවියෝ අද උද්ඝෝෂණ කරනවා. අවුරුද්දකින් පොහොර දමා ගන්න බැරිව රටට ආදායම ගෙන දුන් කුරු`දු වගාව විනාශ වෙලා.

අත්දැකීම් හා පලපුරුද්දක් නැති නායකයෙක් බලයට පත්වීමෙන් තමයි රටට මේ වින්නැහිය වෙලා තිබෙන්නේ. මේ පිළිබ`දව දන්නා වීශේෂඥයන්ගෙන් උපදෙස් ගන්නේ නැහැ. ප‍්‍රායෝගික අත්දැකීම් ඇති ගොවියන්ගෙන් උපදෙස් ගන්නේ නැහැ. ජනාධිපතිතුමා අපේ පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා මේ පිළිබ`දව සාකච්ඡා කරන්න එන්න කියල. ඒ නිසා අපේ නායකතුමා මේ දිනවල ගොවී බිම් වලට ගිහින් ගොවී ජනතාවගේ අදෝනාව හා ගොවී ප‍්‍රශ්න පිළිබ`දව සොයා බලනවා.

කුරු`දු හා තේ කියන්නේ ඩොලර් ගස්. උද්දච්ඡ මෝඩ තීන්දු තීරණ ගන්න එපා කියල අපි රජයෙන් ඉල්ලා සිටිනවා. රටේ ඩොලර් හි`ගයක් තිබෙන මේ වෙලාවේ රසායනික පොහොර නොගෙන්වීමේ තීරණය නතර කරන්න. සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිතුමා හමු වී ජනතාවගේ හ`ඩ කියා දෙනවා. අනෙක් ගැසට් වගේ රිවස් එකට ගිහිල්ලා හරි රසායනික පොහොර දෙන්න කියල ඉල්ලනවා යැයි ද කීය.

කුරු`දු ගොවීයෙකු වන පොල්අතුපළාත ග‍්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ඞී. ඇම්. පේ‍්‍රමසිරි මහතා  අදහස් දක්වමින් මෙසේ කීය.

කාබනික පොහොර වලින් කුරු`දු වගා කරන්න බැහැ. කුරු`දු ගහේ කොළ හැදුණට පොත්ත හැදෙන්නේ නැහැ. ගොවීජනසේවා මධ්‍යස්ථානයෙන් අක්කරයකට හොන්ඩර හතරක් නියම කළත් ලැබෙන්නේ හොන්ඩර දෙකයි. බාගයකට පොහොර දමන්න බැරිවෙනවා. කුරු`දු වගාව සම්බන්ධයෙන් රජය කිසිම පියවරක් අරගෙන නැහැ. කොළ කොඩ වෙනවා. ඒවට ගහන්න තෙල් නැහැ. බයිල ගගා මිනිස්සු අමාරුවේ දමනවා. අද කුරු`දු කොළ වතු හිමියන් නොදෙන නිසා කුරු`දු තෙල් කර්මාන්තයත් නැති වෙලා යැයි ද කීය.

– ජයකාන්ත ලියනගේ

0 views



Source link

Related posts

lankacgossip | ඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..

Rohan

lankacgossip | කොරෝනා සමග ජීවත් වන්නට සූදානම් විය යුතුය.. ඒ සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍යයි..

Rohan

lankacgossip | විශාල පිරිසක් ඉවත් වෙන්න සාකච්චා.. රැයක් එලිවෙද්දී අළුත් ආණ්ඩුවක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy