Sinhala

lankacgossip | සතොස වංචා හෙලි කරමින් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන පසුපස සුදුවෑන් කණ්ඩායමක්…


October 11, 2021 at 3:24 am | lankacgossip

සතොස වංචා හෙලි කරමින් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන පසුපස සුදුවෑන් කණ්ඩායමක්…

තම නිවස අසලට සුදු වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් සැකකටයුතු ලෙස හැසිරුනේ යැයි පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පොලීසියට පැමිණිලි කර ඇත.

මේ හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් ඇතැයි සැකය මත මෙම පැමිණිල්ල කළ බවද ඔහු පැවසීය.

තම නිවස පිටුපසින් වැටී ඇති මාර්ගයේ පසුගිය බ්‍රහස්පතින්දා දින පෙරවරුවේ එම වෑන් රථය පැමිණ ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

තම නිවසේ පිටුපස ගේට්ටුව ආසන්නයේ වාහනය නවත්වා ද එයින් බැස ගත් පුද්ගලයෙකු ගේට්ටුවෙ අංකය පරික්ෂා කර ‘මේක තමයි ගේ’ යයි පවසා ආපසු ගොස් ඇතැයි අසල්වැසියකු දැක එය තමාට දැනුම් දුන් බව ද ඒ මහතා කීය.

තමන්ට ජීවිත තර්ජන ඇතැයි මසකට පමණ පෙර රහස් පොලිසියට පැමිණිල්ලක් කළත් මේ දක්වා ඒ පිළිබඳ තමා ගෙන් ප්‍රකාශයක් වත් ලබා ගෙන නැතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

28 views



Source link

Related posts

lankacgossip | පොහොට්ටුව ගැන රටපුරා දුර්මත පැතිරෙන්න පටන් අරන්..

Rohan

lankacgossip | බාර් ඇරිල්ල විද්‍යාත්මක ඇමති මණ්ඩලය වගේ.. මේ තීරණ ගන්න ඔලමොට්ටලයන් කවුද..

Rohan

lankacgossip | වනජීවී නිලධාරීන් පිරිසක් වනාන්තරයක අතරමං වේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy