Sinhala

lankacgossip | රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…


October 10, 2021 at 9:20 am | lankacgossip

රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම ණය ගෙවනීම සදහා Concept Globle ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පැවසීය.

නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

38 views



Source link

Related posts

lankacgossip | 03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවා..

Rohan

lankacgossip | ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…

Rohan

lankacgossip | ජනතාව අමාරුවේ වැටිලා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති එක්වී රට ගොඩ ගනීවි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy