Sinhala

lankacgossip | බොරු කීවා කියා පස් හැවිරිදි දැරියගේ කටයි මුහුණයි මව පුළුස්සයි…


October 10, 2021 at 12:00 pm | lankacgossip

බොරු කීවා කියා පස් හැවිරිදි දැරියගේ කටයි මුහුණයි මව පුළුස්සයි…

කිලිනොච්චිය අක්කරායන්කුලම් පොලිස් වසමේ කුඩිඉරිප්පූ ප්‍රදේශයේ පස් හැවිරිදි දැරියක් පිලිස්සීමකට ලක් කොට අමාණුෂිකව වධහිංසා කලේ යැයි සැක පිට දැරියගේ මව පොලීසිය විසින් ඊයේ (09) දින අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මව වසින් දැරියගේ මුකය අවට ප්‍රදේශය සහ දැරියගේ කලවා ප්‍රදේශය මෙලෙස පුලුස්සා පහරදී ඇති බවට අනාවරනය වී ඇත.

දැරියගේ පියා රැකියාව සඳහා නිවසින් බැහැර වූ අවස්ථාවකදී කිසියම් හේතුවකට උරණ වූ මව විසින් රත් කරන ලද පිගානක් දැරියගේ මුව ප්‍රදේශයේ සහ කලවා ප්‍රදේශයේ තැබීම හේතුවෙන් දැරියගේ මුව අවට හා කලව ප්‍රදේශය පිලිස්සී තිබුණි.

පසුව ඒ පිළිබඳව ප්‍රදේශවාසියෙකු දැක පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් අදාල නිවසට පැමිණ දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා ඇත්තේ තමන් බොරු පැවසුවේයැයි මවට තරහා ගොස් මෙලෙස පිගානකින් පිලිස්සූ බවටයි.

පසුව ළමා හිංසනය යටතේ අදාල මව අක්කරායන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පස් හැවිරිදි දියණියද ළමා හා කාන්තාකාර්යංශට රැගෙනවිත් අක්කරායන්කුලම් රෝහලට ඇතුලත් කොට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පොලීසිය විසින් පියවර ගෙන ඇති අතර මව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන අක්කරායන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

364 views



Source link

Related posts

lankacgossip | ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…

Rohan

lankacgossip | දියණියගේ සෙබල පෙම්වතාට විශ්‍රාමික හමුදා සෙබලෙක් පහර දෙයි.. පොලිසියටත් පාට් දමයි..

Rohan

lankacgossip | චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy