Sinhala

lankacgossip | පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..


October 11, 2021 at 12:02 am | lankacgossip

පොහොර නෑ.. ගොවින්ගේ ලේ කෝපවෙලා.. මට පොලොන්නරු යන්න බෑ.. ගොවිතැන මහා ඛේදවාචකයක..- මෛත‍්‍රී

මෑත ඉතිහාසය තුළ මෙරට කෘෂිකර්මාන්තය මුහුණ දුන් දරුණුතම ඛේදවාචකයට අද මුහුණ දෙමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද ගොවීන්ගේ ලේ වලට දැනෙන මහා පීඩනයක් ඇතිවී තිබෙන බවද පැවසූ ඔහු ගොවියාට යන එන මං නැති වී ඇති බවත් තව ටික දිනකින් තමන්ට ද පොළොන්නරුවේ යාමට හැකි වේ දැයි ගැටලුවක් ඇති බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ගුණානුස්මරණ උත්සවයට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා එහිදී මෙසේද අදහස් පල කලේය.

‘අද පොහොර ගැන කථා කරනවා. ආහාර අර්බුදය ගැන කතා කරනවා, කෘෂිකර්මාන්තයේ අවුල ගැන කතා කරනවා. ඔබ දන්නවා ද කෘෂිකර්මාන්තය බලපතළ අවුලක. ගොවියා යන එනමං නැති තැනකට වැටිලා. මං හිතන්නේ මෑත ඉතිහාසයේ කෘෂිකර්මාන්තයේ ලොකුම ඛේදවාචකය දැන් සිදුවෙමින් පවතිනවා. මම දන්නේ නෑ ටික දවසකින් මට පොළොන්නරුවේ යන්න පුළුවන් වෙයිද කියලා. මොකද මෙහෙ එන්න එපා කියයි ද දන්නේ නෑ. ඒ තැනට ගොවීන්ගේ සංවේදීභාවය, ඔවුන්ගේ ලේවලට දැනෙන මහා පීඩනයක් ඇති වෙලා තියෙනවා’

250 views



Source link

Related posts

lankacgossip | අමපාර කොළඹ බස් එක් මගියෙකුට ගාස්තුව 2500යි..

Rohan

lankacgossip | සැමියා බිරිදට පහර දී ගිනි තබා මරා දමයි..

Rohan

lankacgossip | රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවීන්ගේ වගකීමක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy