Sinhala

lankacgossip | ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි.. තිරිගු පිටි තොග නිකුත් කිරිම සීමා කරයි..


October 10, 2021 at 12:40 pm | lankacgossip

ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි.. තිරිගු පිටි තොග නිකුත් කිරිම සීමා කරයි..

ගැස් සහ තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට ලද තොරතුරක් මත හැටන් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම ගැස් අලෙවි නියෝජිතයන් සිය වෙලදසැල් වසා දමා තිබෙන අයුරු දක්නට ලැබින.

ගැස් අලෙවිකරුවන් පවසන්නේ තමන් සතුව තිබු සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණය නගරයේ ආපන ශාලා වෙත අලෙවි කල බවත්, පාරිභෝගිකයන්ට නිකුත් කිරිමට තරම් ගැස් තොග තමන් සතුව නොමැති බවයි.

පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ (11) දින ගැස් මිල වැඩි වන නිසා ගැස් අලෙවි නියෝජිතයන් ගැස් අලෙවි එජන්සිය තුල ගැස් තොග සගවාගෙන තමන් වෙත ගැස් නොමැති බව පවසන බවයි.

මේ අතර තිරිගු පිටි මිල (11) දින සිට වැඩි කරන බවට තිරිගු පිටි සමාගම් විසින් ප්‍රකාශ කිරිමත් සමග ප්‍රධාන නගර වල තිරිගු පිටි එජන්තවරුන් බේකරි වලට පමණක් තිරිගු පිටි තොග නිකුත් කර සිල්ලර වෙලදාම සදහා තිරිගු පිටි නිකුත් නොකරන බව ආහාර ද්‍රව්‍ය අලෙවි කරන සිල්ලර සහ තොග වෙලදුන් කියා සිටියි.

වෙලදසැල් වල කිරිපිටි පැකට් අලෙවි කිරිමට තමන් සතුව තොග නොමැති බව එම වෙලදුන්ද කියා සිටියි.

පවත්නා තත්ත්වය මත ගැස් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ කිරි පැකට් මිල දි ගැනිමට පැමිණි පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත්වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,186 views



Source link

Related posts

lankacgossip | පියෙකු සහ දි⁣යනියක එක්ව අසල්වැසි කාන්තාවකට ගුටි අනී..

Rohan

lankacgossip | PCR කට්ටල වැඩි මිල සැපයුම්කරුගෙන් අරන්.. රජයේ පාඩුව ලක්‍ෂ 1250ක්..

Rohan

lankacgossip | ආනයන තහනම මැද සැප වාහන 400ක් කොළඹ වරායේ ගොඩබායි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy