Sinhala

lankacgossip | දේශපාලකයා යකා නටයි… ගිනි අවියක් සමග අත්අඩංගුවට.. තිදරු මවකටත් පහර දීලා..


October 1, 2021 at 10:00 am | lankacgossip

දේශපාලකයා යකා නටයි… ගිනි අවියක් සමග අත්අඩංගුවට.. තිදරු මවකටත් පහර දීලා..

ආනමඩුව ප‍්‍රාද්ශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන ගාමිණී වඩිගමංගාව මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආණමඩුව පොලිසිය සඳහන් කරන්නේ ගිනි අවියක් රැගෙන විත් කාන්තාවකට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හිටපු සභාපතිවරයාගේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි තිදරු මවකි.

කුඹුර මායිමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ගැටුම ඇති වී ඇති බවත් හිටපු සභාපතිවරයා තම අත තිබූ ගිනි අවියෙන් කාන්තාවකගේ පපු ප්‍රදේශයට හා මුහුණට ද පහර දුන් බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

සිදුවීමෙන් පසු කාන්තාව ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

0 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවේ 2/3 රැකදෙන්න විපක්‍ෂයෙන් පිරිසක් ආණ්ඩුවට..

Rohan

lankacgossip | දියණියගේ සෙබල පෙම්වතාට විශ්‍රාමික හමුදා සෙබලෙක් පහර දෙයි.. පොලිසියටත් පාට් දමයි..

Rohan

lankacgossip | මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy