Sinhala

lankacgossip | 100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ..


September 29, 2021 at 11:20 am | lankacgossip

100ට අඩුවෙන් සහල් දෙනවා.. රටින් ගෙන්වනවා.. මාෆියාකාරයන්ට යටවෙන්නේ නෑ..- බන්දුලගෙන් ඩඩ්ලිට

ඉක්මනින්ම සහල් ආනයනය සිදුකරන බවත් කැබිනට් අනුමැතිය අනුව මෙට‍්‍රික් ටොන් ලක්ෂයක් සහල් පිටරටින් ගෙන්වන බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එම තොග ලැබුණු පසු රුපියල් 100ට අඩුවෙන් පාරිභෝගිකයන්ට සහල් කිලෝවක් මිලට ගැනීමට හැකිවනු ඇති බවද ඇමතිවරයා කියයි.

පාරිභෝගිකයන්ට සාධාරණ මිලට සහල් මිලට ගැනීමට නොමැති නම් වෙළඳපලට නිකුත් කිරීම සීමා කරන්නේ නම් ඊට මැදිහත් වීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සහල් ආනයනය කර හෝ සාධාරණ මිලට ජනතාවට ලබාදීමට රජයේ වගකීම බවත් එනිසා එය නිවැරදිව සිදු කරමින් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ආනයනය කරන බවත් ඔහු සඳහන් කළේය.

සහල් මාෆියාවට, මෝල් හිමියන්ට පාරිභෝගිකයන් ගසාකෑමට ඉඩදී නිහඬව සිටීමට සූදානම් නැති බව ද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

0 views



Source link

Related posts

lankacgossip | මෛත‍්‍රී-රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලිව තිවෙනවා.. ඔවුනගේ අයිතිවාසිකම් අහෝසි කල හැකියි..

Rohan

lankacgossip | කොරෝනා වැලදී සුව වූවන් ඉහල අවදානමේ.. දීර්ඝ කාලීන රෝග රැසක්.. ඔක්ස්ෆර්ඩ් වාර්තාව මෙන්න..

Rohan

lankacgossip | බැසිල් ඉද්දී ඉන්ධන මිල වැඩි කරන්න දුන්නෙ නෑ….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy