Sinhala

lankacgossip | දෙපිරිසක් පොලු මුගුරුවලින් ගහගනිති.. පිරිසක් රෝහලේ…


September 30, 2021 at 2:18 am | lankacgossip

දෙපිරිසක් පොලු මුගුරුවලින් ගහගනිති.. පිරිසක් රෝහලේ…

යාපනය චාවකච්චේරිය පොලිස් වසමේ නාවට්කුලි ප්‍රදේශයේ දෙපිරිසක් අතර වූ පහරදීගැනීමකදී තිදෙනෙකු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙතට අසල්වැසි නිවසක පිරිසක් විසින් කඩාවැදී නිවසේ සිටි පුද්ගලයින්ට පොලුමුගුරුවලින් පහර දී නිවෙසේ තිබූ දේපලවලටද හානි කොට පලා ගොස් තිබුනි.

එහිදී නිවසේ සිටි පියා සහ පුතුන් දෙදෙනා තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුලත් කොට ඇති අතර රෝහලගත වූවන්ගෙ හිස්වලට සහ අත්වලට තුවාල සිදුව ඇත‍.

පසුව අදාල පහරදීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල චාවකච්චේරි පොලීසිය විසින් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16 views



Source link

Related posts

lankacgossip | ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ…

Rohan

lankacgossip | කෝටි 100ක දුර්ලභ Phenakite මැණිකක් බේරුවල ව්‍යාපාරිකයකුට හමුවෙයි…

Rohan

lankacgossip | ‘කාබනික හෙට කරන්නැයි අපි කීවේ නෑ..’ පාදෙණියගේ රහස රටටම ඇසේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy