Sinhala

lankacgossip | NMRA දත්ත ගබඩාව මැකුවේ ටෙලිකොම්..


September 28, 2021 at 12:40 pm | lankacgossip

NMRA දත්ත ගබඩාව මැකුවේ ටෙලිකොම්..- මනුෂ කියයි..

ඖෂධීය නිෂ්පාදනයක් මහජනයාට ලබා දීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීම. උචිත ගුණාත්මක හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන සහ ලාභදායී ඖෂධ ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම. ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ සුවඳ විලවුන් වර්ගීකරණය පිළිබඳ මග පෙන්වීම. ඖෂධීය නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඒවායේ මිල නියාමනය කිරීම ආදී කාර්යයන් ගණනාවක් සිදුකරන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් දත්ත ගොනු ලක්ෂ 11 කට අධික ප්‍රමාණයක් මැකීයාමේ සිද්ධිය මෑතකාලීනව දැඩි කතාබහට ලක්විය. ‘

මේ පිළිබද මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර චෝදනා කර සිටියේ, ටෙලිකොම් ආයතනය මේ දත්ත මකාදැමීමට සම්බන්ධ බවයි.

‘මේ කිසිවක් ගැන නිසි තොරතුරු නොදන්නා මනුෂ නානායක්කාර ටෙලිකොම් වෙත චෝදනා කරමින් පැවසුවේ, මේ NMMR ”’ එකේ දත්ත කොහෙද තිබුණේ. NMMR එකේ දත්ත තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ. ටෙලිකොම් ආයතනය සතුව තමයි  මේ දත්ත ගබඩාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්ලවුඩ් එක. එතකොට මේ NMMR එකේ දත්ත ගබඩා වෙච්ච ටෙලිකොම් එකේ සභාපතිවරයා කවුද ?. මං කියන්න යන්නෑ නම් කවුද කියලා. ඒ සභාපතිවරයාගේ හා ඇන්ටිජන් ගෙනාපු කෙනාගේ තියෙන සම්බන්ධතාවය සලකලා බලන්න’ යන්නයි.

කෙසේ වෙතත් ටෙලිකොම් ආයතනය පවසන්නේ මෙය මුළුමනින්ම සත්‍යය විකෘති කිරීමක් වන්නේ මේ සිද්ධියට තම ආයතනය කිසිසේත්ම සම්බන්ධ නැති බවය.

එහිදී SLT-MOBITEL පෙන්වා දුන්නේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත තිබූ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව නැතිනම් ‘ගවන්මන්ට් ක්ලවුඩ්’ සඳහා තමන් Hosting සේවාවන් ලබා නොදෙන බවයි.

630 views



Source link

Related posts

lankacgossip | පොහොර හිගයි.. අස්වැන්න අඩුයි.. ඩොලර් ගේන්න බෑ..

Rohan

lankacgossip | සිමෙන්ති කොට්ටය 1500යි..

Rohan

lankacgossip | ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy