Sinhala

lankacgossip | යුගදනවි බලාගාරයේ පාලන බලය ඇමරිකාවට යන්නේ නැතිනම් එය සලකා බැලිය හැකියි.. අපි LNG සැපයුම ගැන සංවේදීයි..


September 27, 2021 at 3:17 am | lankacgossip

යුගදනවි බලාගාරයේ පාලන බලය ඇමරිකාවට යන්නේ නැතිනම් එය සලකා බැලිය හැකියි.. අපි LNG සැපයුම ගැන සංවේදීයි..

මෙරටට LNG සැපයුම දීර්ඝ කාලීනව තනි ඇමරිකානු සමාගමක් සතු වෙනවා නම් ඒ ගැන සංවේදී බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සමඟ ඒ ගැන සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට අත්සන් කර ඇති ගිවිසුමට අනුව යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් හතළිහකට ගිවිසුම අත්සන් කර ඇති බවත් ඒ හරහා බලාගාරය පාලන බලය ඇමරිකාවට නතු නොවන බව විදුලිබල මණ්ඩල සභාපතිවරයා පැවසූ බවද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් ඉදිරි යුගදනවි බලාගාරය පාලන බලය අදාල සමාගමට අතට නොයන්නේ නම් එය සලකා බැලිය හැකි තත්ත්වයක් බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි.

දැනට ගිවිසුම් අත්සන් කර ඇත්තේ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මිස LNG සැපයුම සම්බන්ධයෙන් නොවන බවද ඔහු කීය.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

227 views



Source link

Related posts

lankacgossip | සහල් වෙලදුන් දිනති.. සහල් මිල ගැසට්ටුව අහෝසි කරයි..

Rohan

lankacgossip | ඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසිය යයි..

Rohan

lankacgossip | ගෑස් ගේන්න ඩොලර් නෑ.. යලිත් හිගයක්.. මිල යලි වැඩි කරන්න ඉල්ලයි.. එවිට නව මිල 2147ක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy