Sinhala

lankacgossip | මිරිස් ආනයනය නවතන්න සූදානම්..


September 26, 2021 at 7:24 pm | lankacgossip

මිරිස් ආනයනය නවතන්න සූදානම්..

මෙරටට අවශ්‍ය මිරිස් මෙරටේ දී නිෂ්පාදනය කර ගැනීම සදහා දියත් කර ඇති මිරිස් වගා කීරිමේ ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය ගලබොඩ වතුයායේ අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම අද (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතින් සිදු විය.

මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙ.ටොන් 5,000 ක් වුවද මෙරට නිෂ්පාදනය කරනු ලබන මිරිස් ප්‍රමාණය මෙ.ටොන් 50 ක් පමණය. මෙනිසා මිරිස් ආනයනය සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වා මෙරට මිරිස් අවශ්‍යතාවය මෙරටදීම නිෂ්පාදනය කර ගැනීම සදහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. මේ අනුව හෙක්ටයාර් 3,000 ක මිරිස් වගා කිරිමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනවසමට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ගලබඩ වතුයායේ අක්කර සියයක් වතුකරයේම දෙමළ තරුණයින් සියදෙනෙකු වෙත බෙදා දී මිරිස් වගාව ආරම්භ කළේ ආදර්ශ වගාවක් ලෙසය.

වියලි කලාපයේ සාර්ථකව වැවෙන මිරිස් සීත දේශගුණික තත්වයන් යටතේ වගා කර පලදාව ලබා ගැනීම අසීරු බවට මතවාදයක් ගොඩ නගා තිබුණි. ඒ මතයට අභියෝග කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කර ඇත.

දමිළ තරුණ පිරිසද ඉතා උනන්දුවෙන් මිරිස් වගාවට යොමු වී පලමු අක්කර සියය තුළ වගාව සාර්ථක කරගැනීම හේතුවෙන් ගලබඩ වත්තතේ තවත් අක්කර සියයක මිරිස් වගාව ආරම්භ කිරිමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කටයුතු යොදා තිබේ.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

65 views



Source link

Related posts

lankacgossip | ඇමරිකාව ‘ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව’ට ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරයි.. නම කපා දමයි..

Rohan

lankacgossip | පොහොර ගෙන්වූයේ අගමැති කාර්යාලයේ ප‍්‍රබලයෙකුගේ සහෝදරයෙක්ද.. පොහොර විෂය අයිති ශෂීන්ද‍්‍රට..

Rohan

lankacgossip | අසපුවාසීන් සේරුවිල විහාරය පැහැරගෙන.. මහමොලකරු ඥාණානාන්ද හිමියි.. එය අපේ පන්සලක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy