Sinhala

lankacgossip | ඉන්ධනවලට සල්ලි නෑ.. ලොක්ඩවුන් අරින්න ප‍්‍රමාදය ඒ නිසා.. පලවැනිදා තෙල් නැතොත් තවත් වහනවා..


September 26, 2021 at 10:22 pm | lankacgossip

ඉන්ධනවලට සල්ලි නෑ.. ලොක්ඩවුන් අරින්න ප‍්‍රමාදය ඒ නිසා.. පලවැනිදා තෙල් නැතොත් තවත් වහනවා..

ආණ්ඩුව විසින් රට වසා දැමීම ප‍්‍රමාද කර ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා මුදල් ගෙවීමට ඇති අපහසුතා නිසා යැයි තමන්ට තොරතුරු ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවට ණය ක්‍රමයක් හරහා ලබාගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරට විදේශ ඇමතිවරයා ඉල්ලීමක් කර ඇති බව පැවසූ වික‍්‍රමසිංහ මහතා තම ප‍්‍රර්ථනාව එය ලැබේවා යන්න වුවද ඔවුන් එසේ නොකරනු ඇති බවද කීය.

ඩීසල් සදහා මුදල් දැන් ගෙවා ඇති බවත් එනිසා පළමුවැනිදාට පෙර ඒවා ලැබනෙු ඇති නමුත් එදින වන විට ඩීසල් නොපැමිණියහොත් නැවතත් රට විවෘත කිරීම කල් දමන්නට වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ ඉදිරි මාස තුන සඳහා මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන බවයි.

3,550 views



Source link

Related posts

lankacgossip | මහා පරාක්‍රමබාහුට පසු රට ස්වයංපෝෂිත කලේ මමයි.. රටක් සංවර්ධනය කරන්න ඉඩම් විදේශිකයන්ට විකිණිය යුතුයි..

Rohan

lankacgossip | ලංකාවේ රත‍්‍රන් ඉන්දියාවට දී බෝට්ටු මගින් රසායන පොහොර ගේනවා.. පොහොර නියෝජිතයා ගේ ඥාතියා අගමැති කාර්යාලයේ…

Rohan

lankacgossip | ‘ඉන්ධන මිල තවත් දරන්න බැරිවුණොත් ජනතාවට භාරදෙන්න වෙනවා..’

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy