Sinhala

lankacgossip | මාරක අනතුරක්.. දෙදෙනෙකු මියයයි.. දෙදෙනෙකුට බරපතලයි…


September 9, 2021 at 2:14 am | lankacgossip

මාරක අනතුරක්.. දෙදෙනෙකු මියයයි.. දෙදෙනෙකුට බරපතලයි…

වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ (08) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පොලීසිය පැවසීය.

යාපනය මහනුවර මාර්ගයේ වව්නියාව සිට මාන්කුලම් දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ මාන්කුලම් දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.

එහිදී කැබ් රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තවත් අයෙකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ටිපර් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකරනු ලැබිය.

අනතුර හේතුවෙන් කැබ් රථයට දැඩි හානි සිදුව ඇති අතර අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවටද කනගරායන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

58 views



Source link

Related posts

lankacgossip | මහ බැංකු මුල්‍ය මණ්ඩල ලේකම් ඉවත් කරලා.. එය පැරණි බැංකු මංකොල්ල වැසීම හා තවත් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භයයි..

Rohan

lankacgossip | කොරෝනා මරණ 30 පනී… ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | ‘සැප්තැම්බර් 11’ ප්‍රහාරයේ විසි වස් සැමරුමට ජනපති එක් වෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy