Sinhala

lankacgossip | රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ..


September 2, 2021 at 8:40 am | lankacgossip

රට වසා දැමුවා කියා කොරෝනා පාලනය කරන්න බෑ..- GMOA

රට වසා දැමු පමණින් කොරෝනා ආසාදිතයන් හෝ මරණ අඩු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක සභික ප‍්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ සංචරන සීමා රැකගැනීම ජනතාවගේ ද ඉහළ වගකීමක් බවයි.

රට වසා දැමීම සහ සංචරණ සීමා කිරීම දෙකක් බවත් රට වසා දැමීම වැදගත් නමුත් ඉන් සංචරණ සීමා නොවන්නේ නම් එම ලොක්ඩවුන් කිරීමෙන් ඵලක් නැති බව ද ඒ මහතා කියා සිටියි.

ලොක්ඩවුන් කිරීමක් හරහා සංචාරන 90%ක් වත් සීමා විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය පැනවීම තුළ ද ඇතැම් ප්‍රදේශවල ද බලාපොරොත්තු වන සංචරණ සීමා කිරීම සිදු වුවද තවත් ප්‍රදේශවල එය සිදු නොවන බවද ඔහු පැවසීය.

2,047 views



Source link

Related posts

lankacgossip | දැඩි පොලිස් ආරක්ෂාව මැද උප සභාපතිවරයෙකු පත් කර ගනී…

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව 20-20 දෙවැනි තරගයත් පරදී..

Rohan

lankacgossip | රනිල්ට රට බාර දී ආණ්ඩුව පසුබසින කතාවක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy